හොඳටම නා ගත් පසු රංගෙ බණ්ඩාර පැහැදිලි කිරීමට අවස්ථාව ඉල්ලයි.!

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සඳුදා දිනයේදී සවිස්තරාත්මකව පැහැදිලි කරනා බවයි.

පසුගිය අඟහරුවාදා දින තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී ඇති බවත්, ලබන සඳුදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

පාලිත රංගබණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.

ඒ සමගම බොහෝ පක්ෂ සහ විපක්ෂ පක්ෂ මෙම ප්‍රකාශයට එරෙහිව දැඩි විවේචන එල්ල කළහ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close