ඇතැම් දේශපාලඥයන් පැරණි ක්‍රමයට යළි හැසිරීම පටන්ගෙන ඇති බවත් ජනාධිපතිවරයාට මෙහිදී කළ හැකි දෙයක් නැති බවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.
එම නොහික්මුණු දේශපාලඥයන්ට පොලිසිය තම අතකොලුවක් බවට පත් කිරීමේ උවමනාවක් මතුව ඇති බවත් පොලිස්පතිවරයා මෙහි වගකීම සම්පූර්ණයෙන්ම බාර ගත යුතු බවද පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.
රටේ පොලිස් නිලධාරියෙකුට පත්වීම් ලබා දුන් විට එම ප්‍රදේශයේ තම රාජකාරි නිදහසේ ඉටුකර නොහැකි නම් රටේ අනෙක් පොදු මහජනතාවගේ තත්ත්වය කුමක්දැයි පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.
ආනමඩුව පොලිස් ස්ථානයට පත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා යලි ස්ථාන මාරු කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත රංගේ බණ්ඩාර මේ බව සදහන් කරයි.