පසුගියදා ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සමුළුවවේ ආරම්භ අවස්ථාව සඳහා සහභාගී වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එහිදී ලෝක බලවතුන් රැසක් හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඒ අතර ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී සාකච්ඡා කළ බව සඳහන්.
එහිදී ගෝලීය දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැළකෙන Starlink ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කළ බව වාර්තා වේ.
එම ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.