ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
ඉන්දුනීසියා ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි මස (18) සිට (20) දක්වා එරට සංචාරය කිරීමට නියමිතව ඇත.
ජනාධිපති වික්‍රමසිංහ එළඹෙන මැයි (20) වනදා එම සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.