හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්රීපාල සිරිසේන, චන්ද්රිකා කුමාරතුංග භාවිතා කළ වාහන සංචිතයේ සුපිරි වාහන 833ක් ඇති බවට ලේඛණ වල සටහන්ව ඇති බවටත් 2022 වසර වන විට ඉන් වාහන 22ක් අතුරුදන්ව ඇති බවටත් ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ ප්රකාශ කළ බව අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සදහන් කරයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිත කළැයි කියන පුද්ගලයින් 92 දෙදෙනෙකුගේ නාම ලේඛණයක්ද ඉදිරිපත් කරමින් අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
ඇතැම් ජනාධිපතිවරු හා නිලධාරීන් චක්ර ලේඛණ උල්ලංඝණය කරමින් තම හිතවතුන්ට ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන ලබාදී ඇති බවත් අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රජයට වු පාඩුව පිළිබඳව මෙන්ම එම වාහන නඩත්තු කිරීමට, අලුත්වැඩියා කිරීමට වැය වු මුදල් ප්රමාණය කොපමණද.? වාහන ලැබු පුද්ගලයින් එම වාහන තෙවැනි පාර්ශවයන්ට ලබාදී මුදල් උපයා ඇද්ද.? යන්න පිළිබඳවද විමර්ශනය කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.