ජනතාවට සහන දෙන විප්ලවයක් අරඹනවා.!

බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාක්ෂික ජනතාවට ස්තුති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට ස්තූති කරන බවත් තමන් කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බවත් අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා සදහන් කරයි.

“සැබෑව” තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළ අතර ජනාධිපතිවරයා ජනාධිපතිවීමෙන් පසුව පක්ෂයේ මහජන රැලියක් සඳහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” පාර්ලිමේන්තු ඡන්දෙදි අපි බෙදුනා. මම කියුවේ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඇත්ත කතා කරලා ඉදිරියට යමු කියලා. අපිට ඡන්දයක් දිනන්න බෑ හැබැයි අපිට ඇත්ත කතා කරලා සැලසුම් හදලා, සූදානම් කරලා තියනවා නම් අපිට පුලුවන් මැදදි හරි ආණ්ඩුවක් හදා ගන්න කියලා.

හුඟක් අය ඒකට විරුද්ධ වුනා. සමහරු හිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න, අපිට වෙන කරන්න එකක් නෑ බොරු පොරොන්දු දීලා ඡන්දය ජයග්‍රහණය කරන්න. ඒදා කියුවා වගේ පෑඩ් දෙනවා, සපත්තු දෙනවා කියලා.

මම කියුවා පෑඩ් වලට හිරවෙන්න එපා අපි ඉදිරියට යමු කියලා. ඉතිං අපි බෙදුනා සමහර අය ගියා සමගි ජන බලවේගෙට ඡන්දේ දුන්නා, සමහර අය ඡන්දේ නොදුන්නා අපි බෙදුන නිසා, සමහර අය අපිට ඡන්දේ දුන්නා. අන්න ඒ සියළු දෙනාට කියනවා අද තියන්නේ එක පක්ෂයයි ඒ එක්සත් ජාතික පක්ෂයයි.”

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close