මීළඟ නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී වෙයි.!

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව ඉදිරියට කළයුතු බවත් එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට එක්වෙමින් සදහන් කරයි.

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව කළ යුතුයි. එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වෙයි. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යතුයි. IMF වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචනය කරන අවස්ථාව වනවිට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම තමයි අපේ අරමුණ.

අපි තීරණය කළ යුතුයි රට ඉදිරියට යනවද නැත්ද කියලා. රටේ වර්ධනය වැඩිකරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එසේ නොකළහොත් “ඔබ ලියලා තියාගන්න” ඊළඟ නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී නැගිටීමක් වෙයි.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close