බදු ගැන තීරණයක් ගන්න ජනපති නව කමිටුවක් පත් කරයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීමට පසු විපරම් කමිටුවක් පත් කර ඇත.

එම නව කමිටුව විසින් IMF ක්‍රියාවලිය සම්බන්ධව නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ගැන සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු වේ.

මෙම නව කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී එයට කැබිනට් අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.

මෙම කමිටුවේ සාමාජිකයෝ ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close