ද්‍රවිඩ මන්ත්‍රීවරු සමග පමණක් 13 ගැන සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නෑ.!

අද (26) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ, 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවද සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

රටේ පළාත් සභා නවයෙන් හතක්ම සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ බවත් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

සංහිඳියා වැඩසටහන සහ උතුර නැගෙනහිර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමට කැඳවු සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close