By unusuma.lk on
(LK time)මේ වනවිට බැඳුම්කර වංචාව පිළිබඳව නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති නොවන නිසා ඔහු අධිකරණය හමුවට කැඳවීමට බලය තිබෙන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ,
“දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් ජනාධිපති නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තිබෙනවා. අපි ඉස්සරහට බලමු එහි ක්‍රියාමාර්ග.”
කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට අද (01) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සදහන් කරයි.
ආත්ම ගානක් දඩුවම් ලැබෙයි ඕකුන්ට.
රට කැව ඕකුන්ට උපරිමයෙන්ම දඬුවම් දෙන්න ඕනේ.