ජනපති රනිල්ගෙන් තවත් පත් කිරීමක්.!

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන ඇත.

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්ති වලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බවත් නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බවද වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close