අද (17) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ සදහන් කළේ,රාජ්ය සේවකන්ගේ වැටුප් එක දිනයකදීම ගෙවීමට නොහැකි වුවද එය දින දෙක තුනකදී හෝ ඒ ගෙවීමට කටයුතු කරන බවයි.
තවද විශ්රාම වැටුප් සහ සමෘද්ධි සහනාධාර ගෙවීමට කටයුතු කරන බවත් පසුගිය මාස සමග සසඳන විට ආර්ථිකය නිසි මඟට ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්රමසිංහ තවදුරටත් සදහන් කළේ,
“දැන් වෙනකොට අපේ ආර්ථිකය නිසිමඟට යොදවන්න අපි ක්රියාකරගෙන යනවා. දැන් අපිට ඉතුරුවෙලා තියෙන්නේ ඉන්දියාවයි, චීනයෙයි, එකඟත්වය ලබාගන්න. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා දැනට ඒ සාකච්ඡා සාර්ථකයි.
වේතන ගෙවන එකකත් අපිට එක දිනයේ ගෙවන්නට බැරි වුණාට දවස් දෙක තුනකින් කරනවා. විශ්රාම වැටුප් තමයි අපේ දෙවැනි තැනට තියෙන්නේ. ඊළඟට සමෘද්ධිය ගෙවිය යුතුව තිබෙනවා.”