ජනතාව වෙනුවෙන් බිලියන ගණනින් ප්‍රතිපාදන වෙන්කරන රනිල්.!


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත කියාසිටියේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා අති විශාල මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට ලැබී ඇති බවත් තමන් ජනතාව වෙනුවෙන් එම සංවර්ධන කටයුතු මේවනවිටත් සිදුකරමින් පවතින බවත්‍ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් වසර පහකට බලය ලබාදිය යුතු බව පැවසූ දොළවත්ත, නියත වශයෙන්ම තම සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මමනම් කියන්නේ වර්තමානයේ බලවේග හදන එක පැත්තකින් තියලා අපි මේ වෙලාවේ කළයුත්තේ සංවර්ධනය ගමට ගෙනියන එක, අපි ජනතාවත් එක්ක වැඩකරන්න ඕනෙ. අපි නගර සභාවත් එක්ක වැඩ කරලා, බිමට ගිහිල්ලා මේ සංවර්ධන කටයුතු කරන එක. ජනතාවට සහන සලසන එක. මේ වෙද්දී මට ලක්ෂ 1800ක් හම්බෙලා තියෙනවා පළාත් සභාවෙන්, මට ලක්ෂ 830ක් හම්බෙලා තියෙනවා විමධ්‍යගතෙන්, අපි ඒ මුදල් සංවර්ධනය වෙනුවෙන් යොදවනවා.

විරුද්ධ පක්ෂ වලට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. ජ.වි.පෙ ගත්තොත් සදාකාලික විවේචකයෝ විතරයි. ජ.වි.පෙ හැමදාම ඡන්දයකට කලින් කියන්නේ ඒ අය ජයග්‍රහණය කරනවා කියලනේ. හැබැයි ඡන්දය ඉවර වුණාට පස්සෙ කියන්නෙ මේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය අඩුයි කියලා.

පහුගිය පාර අපි වුණත් බලයට ගෙනාපු ගෝඨාභය රාජපක්ෂත් සාර්ථක නොවුනේ දේශපාලන පළපුරුද්ද නැති නිසා තමයි. එතකොට මේ වගේ අර්බුදකාරී අවස්ථාවක, අමාරුවෙන් ගොඩනැගෙන මොහොතක, ඇස් පනාපිට මිනිස්සුන්ට දැනෙන සහනයක් තියෙන අවස්ථාවක අපි හිතන්නෙ නෑ ජනතාව අවදානමක් අරගෙන අනුර කුමාර වගේ කිසිම අත්දැකීමක් නැති, IMF ගිහිල්ලා මචං ලෙවල් එකෙන් කතා කරන්නම් කියන අයට රට බාරදෙයි කියලා.

ජනතාව නිකං එයාලගෙ කතන්දර අහන්න පුරුදුවෙලා ඉන්නවා මිසක් ජනතාවට එහෙම මොළේ අමාරුවක් නෑ කියන එක පැහැදිලිව කියන්න ඕනෙ”

ඔහු මේ බව ප්‍රකාශකළේ පසුගියදා (03) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement