බුදු දහම සහ කෘතිම බුද්ධිය ගැන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක්.. නව ආයතනයකුත් පිහිටුවයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් වසරක් තුළ පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඊයේ (08) ජනාධිපතිවරයා සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවයට එක්වෙමින් එම අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, විශේෂයෙන් බුදු දහම සහ කෘතීම බුද්ධි තාක්ෂණය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මත වැඩසටහනක් ආරම්භ කිරීමට තාක්ෂණික අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනා බවයි.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනා බවත් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ ත්‍රිපිටකයේ ඇතුළත් කරුණු සහ අද තිබෙන විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධකම විමසා බැලීමට රජයක් ලෙස අවධානය යොමුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close