By unusuma.lk on
(LK time)හොරු අල්ලන්න තමන් ඇවිත් ඉන්නේ හොරෙක් සමග නම් තමන් සිටිය යුත්තේ දිලිත් ජයවීර සමග බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක සදහන් කරයි.
රන්ජන් රාමනායක සදහන් කළේ,
“මම හොරු අල්ලන්න ඇවිත් ඉන්නේ හොරෙක් එක්ක නම් මම ඉන්න ඕන දිලිත් එක්කනේ මල්ලි.. දිලිත් මහත්තයගේ කණ්ඩායම බලන්න. දිලිත් මහත්තයා ගැන මම ඉස්සරවෙලා කියලා ඉන්නම්කො. දිලිත් මහත්තයට චෝදනා තියනවා ඇන්ටිජන් හොරා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පොහොට්ටුව ඇන්දෙත් එයාලු.
ගෝඨාභය මහත්තයව ගෙනාවෙත් එයාලු. එයාම කියනවා. ඒ හරහා කොච්චර බිස්නස් කරගත්තද. හොටෙල්වල කොරෝනා රෝගීන් නවත්වලා කොච්චර හම්බ කරගත්තද.? මේවා අහගන්නනෙ දිලිත් මහත්තයා ඔය කතාව කියලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා මහා විශාල ශබ්දයක් ආවා කිව්වා. ජනේලෙන් බැලුවා කිව්වා.
කපුවා බල්ටියක් ගහලා කැලණි ගඟට පැන්නා කිව්වා. පීනගෙන ගිහින් ඇමරිකන් වෝටර් බොටල් එකක නයෙක් දාන් ආවා කිව්වා. ඕවා කිව්වේ මේ මහත්තය නෙ. ඒ මහත්තයා එහෙම කියලා ඊට පස්සේ කරපු ලොකුම විනාසේ මොකක්ද. අර ධම්මික පැණිය කියලා පැණියක් අරන් ඒ පැණිය කතානායක තුමාට පෙව්වනේ මේ යෝදයා.
ඒ පැණිය පවිත්රා වන්නිආරච්චිත් බිව්වා. කතානායකත් බිව්වා. මම නම් ඒක බිව්වේ නෑ. මම දන්නවා ඕක ලෝක ලෙඩක් කියලා. අන්තිමට ගඟට මුට්ටි දාන තැනටත් රට ගෙනාවා. එතුමා ජාතියෙන් සමාව ඉල්ලන්න ඕන එතුමා කරපු වැරදි වලට.”
සර්ව ජන බල පක්ෂයේ නායක දිලිත් ජයවීර විසින් රන්ජන් රාමනායක ඉලක්ක කරගෙන එල්ල කළ බරපතල විවේචනයට පිළිතුරු දෙමින් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මේ බව සදහන් කරයි.