භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කරන බවත් රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය පිටිවහලක් වනු ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270ක් බවත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර ඇති බවද සදහන් කරයි.
ඒ අනුව නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාළ තීරණ ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
අද (18) දින රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සදහන් කරයි.