වට්සැප් ඔස්සේ හඳුනා ඉහළ රැකියාවක් සහ වැටුප් ලබාදෙන බවට පවසා සම්මුඛ පරික්ෂණයකට කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.
තරුණ විවාහක කාන්තාව ඇගේ සැමියා සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකට ගොස් තිබෙන්නේ වට්සැප් ඔස්සේ හඳුනාගත් ව්‍යාපාරිකයෙක් ඉහල පෙලේ රැකියාවක් ලබාදීමට සම්මුඛ පරික්ෂණය සඳහා පැමිණෙන ලෙසට සිදුකළ දැනුම් දීමකට අනුවයි.
එහිදී සැකකාර ව්‍යාපාරිකයා එම තරුනියගේ සැමියාට පහත මාලයේ රැඳී සිටින ලෙස දැනුම් දී තරුණිය ඉහල මහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් එහිදී අපයෝජනය කල බවට අදාල කාන්තාව කොල්ලු පිටිය පොලිසියට පැමිණිල්ලල් ඉදිරිපත් කර ඇත.
කොල්ලුපිටිය පොලීසිය විසින් අධිකරනයෙන් සිදුකල ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකතන විශ්ලේෂණ වාර්තා පොලිස් විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකතන සමාගම් කිහිපයකට නියෝග කර ඇති අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.