මේ දිනවල පවතින දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළ යාම නිසා මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් ඇත.
ලෝකයේ රටවල් අතුරින් මෙම අධික අව් රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන බවද පර්යේෂකයින් සදහන් කරයි.
පසුගිය නිල දත්ත වලට අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවද පර්යේෂකයින් සදහන් කරයි.