ලංකාවට දින 09ක අධික රස්නයක්.!

රටේ ජනතාවට දැඩි ලෙස අපහසුතාවයට පත්වන අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් ලංකාවට බල පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අප්‍රේල් 05 දිනයේ සිට අප්‍රේල් මස 15 වෙනිදා තෙක් ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්වීම හේතුවෙන්, පවතින අධික රස්නය සහිත කාලගුණික තත්ත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ දිනවල අපගේ ශරීරයට දහදිය දමන ගතිය වැඩියි. ඒ වගේම දැනෙන රස්නය වැඩි නිසා ශරීරයට ඇතිවන්නේ අපහසුකාරී හැඟීමක්. මේකට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සඳහන් කරයි.

මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් බලපැවතියත්, දිනපතා ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හේතුවෙන් වායු ගෝලයේ යම් සිසිලසක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close