එළඹෙන පෙබරවාරියේ ජනාධිපතිවරණයක්.!

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මත වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වහල්ලු පාර්ලිමේන්තුවේ සිටීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

තවදුරටත් අක්‍රමවත්ව විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත්කරගැනීමට අවශ්‍ය වුණේ ඇමතිවරයාට බවද මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එනිසා ඉදිරියේදී විශාල මහජන ඒකරාශී කිරීමත් කළ යුතු බවත් එය එසේ නැතිනම් මේ යන විදියට රට නැති වෙන බවත් ලබන පෙබරවාරි,මැයි මාසය වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා සුදානම් වන බවද මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

“ජනක රත්නායකගේ අඩුපාඩු නෙවෙයි වැදගත් වන්නේ. ඇයි ඔහු අයින් කළේ කියන කාරණය. මේ ඇමැතිවරයාට දක්කන්න පුළුවන් කොමිසමක් තමා දැන් ඕන වෙලා තිබෙන්නේ. විපක්ෂයේ පැත්තෙන් රට යා යුතු මග පිළිබඳව හොඳ දැක්මකින් ඉදිරියට කටයුතු කළ යුතුයි. අපි ඉදිරියේදී විශාල මහජන ඒකරාශී කිරීමත් කළ යුතුයි.

නැත්තම් යන විදියට රට නැති වෙනවා. ලබන පෙබරවාරි,මැයි මාසය වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් තියෙන සූදානම් වන්නේ. රට වැටිච්ච වලින් ඔහු රට ගොඩ ගත්තා කියලා ජනතාවට පැහැදිලි කරන්න උත්සාහ කරනවා.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී (25) පූජ්‍ය අතුරලියේ රතන හිමි මේ බව පවසා සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close