කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව සදහන් කරයි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.