තවත් සහන රැසක්.. බිත්තර මිල 15/= කින් අඩුවේ, නව මිල මෙන්න.!

අද වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-60 දක්වා මිල ගණන යටතේ අලෙවි  කෙරෙන අතර දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට වැඩ කටයුතු සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ වනවිට මෙරට දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවත් එනම්, මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් පමණ උවත් දැනට දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව  වුවත් මේ වනවිට එය 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය 100% කින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය සදහන් කළේය.

මේ සියලු කාරණා සැලකීමේදී උත්සව සමය තුල බිත්තරයක් රුපියල් 35/= ක් දක්වා මිළ පහත හෙලීම අහියෝගයක් නොමැති බව අමාත්‍ය වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Loading

RSS