By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309ක් බව සංස්තාව පවසයි.
සුපිරි පෙට්‍රල් (ඔක්ටේන් 95) පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371ක් ලෙසම පවතී.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.