වකුගඩු ප්‍රතිකාර නවතී.. රෝගීන් දහස් ගණනක් අවධානමේ.!

වකුගඩුවල හටගන්නා ගල් සඳහා සිදුකරන පහසු සහ කාර්‍යක්ෂම ප්‍රතිකාර ක්‍රමයක් වන ලේසර් කිරණ භාවිත කරමින් එම ගල් පුලුස්සා දැමීමේ ශල්‍යකර්මය සඳහා විශේෂිත ආරක්‍ෂිත ඇඳුම් කට්ටලක් භාවිත කරන අතර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ඇති එම ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල මේ වනවිට කල් ඉකුත් වී බැවින් රෝහල් කාර්ය මණ්ඩලය ඒවා පැළඳීම ප්‍රතික්ෂේප කරන බවත් එම නිසා මෙම ලේසර් ප්‍රතිකාර ක්‍රමය දින නියමයකින් තොරව නවතා දැමීමට සිදුවී ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ උප සභාපති සංජීව මුණසිංහ මහතා පවසයි.

මෙම ගැටලුව හේතුවෙන් දැන් සති දෙකක පමණ සිට කිසිදු ලේසර් ශල්‍යකර්මයක් සිදු නොකළ බවත් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින සිය ගණනක් රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් සංජීව මුණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් දිනකට රෝගීන් 6 දෙනෙකු වෙත මෙම ප්‍රතිකාරය සිදුකළ බවත් වකුගඩු ගල් සඳහා ලේසර් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ගල්ගමුව, ගිරිබාව, මහව, නිකවැරටිය ආදී අති දුෂ්කර ප්‍රදේශයන්හි ජනතාව විශාල ප්‍රමාණයක් මෙම ප්‍රතිකාර ඇන හිටීම හේතුවෙන් අන්ත අසරණ තාවයට පත්වී ඇති බව මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close