By unusuma.lk on
(LK time)පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසන්නේ වී තොග සහ සහල් තොග සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 04 සිදුකර සමීක්ෂණ දත්ත මත පදනම්ව සැකසූ කල වාර්තාවක් අද (06) දිනයේ ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බවයි.
එම සමීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් 04ක දත්ත ඇතුලත් වේ.
එමෙන්ම තවත් දිස්ත්‍රික් 10ක මෝල් හිමියන් සතුව පවතින වී සහ සහල් තොග සම්බන්ධයෙන් සමීක්ෂණ ක්‍රියාත්මක බවත් හඳුනාගත් සෙසු දිස්ත්‍රික්ක වල වී සහ සහල් තොග පිළිබඳව විමර්ශනය කර වාර්තාව දෙන ලෙස අමාත්‍යාංශය දුන් උපදෙස් මත මෙම සමීක්ෂණය ක්‍රියාත්මක බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.