රිජ්වේ ළමා රෝහලේ වර්ජනයක් අරඹයි.!

අද (19) දිනයේ පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ ආර්ම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවද මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් සති තුනක් ගෙවී අවසන් වුවද ඔහු තවමත් තමන්ගේ වගකීම ඉෂ්ට නොකළ හෙයින් පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කල බවද වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ තවදුරටත් සදහන් කළේ,

“මේ ගැටලුව විසඳන්නේ නැතුව ප්‍රශ්නය දිගටම තියෙද්දි ගැටලුව විසඳීමට අසමත් වීම නිසා නැත්නම් ඒ ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා ඒ ගැටලුව විසඳන්න අසමත් වීම නිසා, ඔහුගේ නොහැකියාව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවුණා මේ ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අරගෙන යන්න.

ඔහු සතියක කාලයක් ඉල්ලුවා. දැන් සති තුනක් වෙනවා. තාමත් තමන් ලබාදුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වෙනතුරුත් හැකියාව ලැබී නෑ. මේ ගැටලුව නොවිසඳීමට විරෝධය දක්වලා එම රෝහලේ භාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close