ශ්‍රී ලංකාවේ පරිසරයේ ජීවත්වන රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස එරට චීන රජයේ නියෝජිතයන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
එම චීන එජයේ ඉල්ලීම අනූව ශ්‍රී ලංකාවෙි රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
රිලවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වය ගැන කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි විය.