ලංකාවේ රිලවුන්ට ඉල්ලුම වැඩිවෙයි.. තවත් රටවල් රැසකින් ඇණවුම්.!

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින රිලවුන් ලබා දෙන ලෙස විදෙස් රටවල් කීපයකින් ඉල්ලීම් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

චීනයෙන් කරන ලද ඉල්ලීමක් සමග මෙසේ ලෝකයේ වෙනත් රටවලින්ද ලංකාවේ රිලවුන් ලබා ගැනීමට ඉල්ලීම් වැඩිවී ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

ලංකාවේ සිටින රිලවුන් චීනයට ලබාදෙන්නේ නොමිලේ බවත් ඔවුන් විසින්ම රිලවුන් අල්ලා ප්‍රවාහනය කර ගැනීම ඇතුළු සියලුම කටයුතු සිදු කරගනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

තවද විදෙස් රටවලින් රිලවුන් 100-200 ඉල්ලීම් කර ඇති බවද සදහන් කළ අමාත්‍යවරයා රිලවුන්ගේ ප්‍රශ්නය නිසා ගොවීන් දැඩි කරදරයට පත්ව සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close