අද (10) පැවති ඉන්දියාව සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්රිකට් තරගයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සිය ශතකයට ලකුණු 2ක් තිබියදී දැවී යාමට තිබූ අවස්ථාවක් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ මැදිහත්වීම මත නිෂ්ප්රභා කිරීමේ සිදුවීම හේතුවෙන්ය.
තරගයේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටි මොහොමඩ් ෂමී විසින් ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව මන්කාඩ් ක්රමයට දවාගැනීමට උත්සාහ කළේය.එහිදී ඔහු එම දැවී යාම පිළිබඳව විනිසුරුවරයාගේ ඉල්ලීමක් කළේය.
අනතුරුව ඉන්දීය නායක රෝහිත් ශර්මා වහාම එම ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේ ක්රිකට් ක්රීඩාවේ මහත්මා ගුණයට ගරු කරමින්ය.ඒ අනුව තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක සිය දෙවන එක්දින ශතකය රැස්කිරීමට සමත්විය.