ලොව මෙතෙක් නිපදවූ බලවත්ම අභ්‍යවකාශ රොකට් යානයේ පරීක්ෂණ පියාසැරිය ඊයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදි කාර්යමණ්ඩලය රහිතව මංගල ගමන ආරම්භ කළේය.
ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව එම මංගල ගමනේදීම පුපුරාගොස් ඇත.
විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉලොන් මස්ක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සදහා උත්සාහා ගන්නා බවයි.