රටේ සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය එළඹෙන 19 වන දින (ඉරිදා) අවසන් වීමට නියමිතව ඇත.
පළාත් පාලන මැතිවරණය පවත්වා නව නියෝජිතයන් පත් කර ගන්නා තෙක් දිවයිනේ සියලුම සභාවල බලය පළාත් පාලන කොමසාරිස් යටතට පත් කරයි.
ඒ අනුව එළඹෙන 19 වන දින සිට සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් බැවින් වත්මන් නගරාධිපති සියලුම දෙනාට ඉවත් වීමට සිදුවෙයි.
අද (17) දින කොළඹ මහ නගර සභාවේ අවසන් මහා සභා සැසිවාරය පස්වරුවේ නගරාධිපතිනි රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.