රාජකීය විදුහල්පතිට අධිකරණයෙන් නියෝග.!

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට එළඹෙන (13) වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

සේවක අර්ථසාධක අරමුදල් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවක අර්ථසාධක අරමුදල් ලෙස රුපියල් තුන් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය විසි දෙකයි ශත පනහක නොගෙවා පැහැර හැර ඇති බවට වගඋත්තරකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close