රූපවාහිනියත් ඉවරයි.. සේවකයින්ට ඉවත් වෙන්න දැනුම්දෙයි.!

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් ස්වෙච්චාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම්දී ඇත.

රූපවාහිනි සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බව සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සදහන් කරයි.

සිය ස්වෙච්ඡාවෙන් සේවය අතහැර යන එම සේවකයන් වෙනුවෙන් යෝජනා කර ඇති වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ 25 ක් සහ අවමය ලක්ෂ පහක් ලෙස සදහන් කර ඇත.

පාලකයන් මේ උත්සාහ කරන්නේ ආයතනය පාඩු ලබන බව පවසමින් විකුණා දැමීමේ කටයුත්තට බව සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් එම යෝජනාවට විරෝධය පල කරමින් සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close