ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම්, කොටස් සහ බැඳුම්කර සඳහා (13) දිනයේ සිට ඩොලර් සහ යුරෝ යන මුදල් ඒකක භාවිත නොකරන බව මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරයි.
අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැකේජයක් හඳුන්වාදීමත් සමගයි රුසියාව මෙම පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් රුසියානු මහ බැංකුව සදහන් කළේ,
“මොස්කව් විනිමය කණ්ඩායමට එරෙහිව එක්සත් ජනපදය විසින් සීමාකාරී ක්‍රියාමාර්ග හඳුන්වාදීම හේතුවෙන්, එක්සත් ජනපද ඩොලර් සහ යුරෝවල බෙදා හැරිය හැකි උපකරණ හුවමාරු වෙළඳාම සහ පියවීම් අත්හිටුවා ඇත.”