රුසියානු කුලී හමුදාවන්ට මෙරට සෙබළුන් අලෙවි කරනා ජාවාරමට සම්බන්ධ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු හා සැරයන්වරයකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඊට පෙරද ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර්වරයකුද අත්අඩංගුවට ගෙන තිබින.
එම ජාවරමට හසුව නැවත මෙරටට පලා ආ සොල්දාදුවන් විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනයන් හරහා එම ජාවාරම පිටුපස රුසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුද සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇති අතර එම වෛද්‍යවරයා රුසියානු සබඳතා යොදා ගනිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත්, දැනට ඔහු රුසියාවට පැන ගොස් ඇති බවත් හෙළිවී තිබේ.
අදාල ජාවාරම්කරුවන් විසින් හමුදා සාමාජිකයන් බඳවා ගැනීම සඳහා වැඩසටහන් හා වැඩමුළු මහනුවර හා කුරුණෑගල ප්‍රදේශ වල හෝටල්වලදී රහසිගතව පවත්වා ඇතැයිද අනාවරණය කරගෙන තිබේ.
එම බඳවා ගැනීම් වලදී එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ10 සිට 25 දක්වා මුදල් අයකරගෙන ඇති අතර රුසියානු සමාගමෙන්ද රුපියල් ලක්ෂ විසිපහ බැගින් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත.
තමන් අපේක්ෂා කළ රැකියාවන් නොලැබීම නිසා යළි මෙරටට පැමිණීමට අවශ්‍ය බව එහි ගිය සෙබළුන් ඉල්ලීම් කරද්දී සෑම සෙබළකුටම ලක්ෂ 25 බැගින් ගෙවා ඇති බව ඔවුන් පවසා තිබේ.