රුසියාවට දැඩි ප්‍රහාරයක්. ප්‍රහාරයන්හි වගකීම කිසිදු රටක් භාර නොගනී.!

රුසියා – යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ගම්මානයකට පසුගිය (22) දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිඳු රටක් බාර ගෙන නොමැති අතර ඇමෙරිකාව විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමා මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

යුක්‍රේනයද මෙම ප්‍රහාරයේ වගකීම බාර නොගන්නා අතර රුසියාව චෝදනා කරන්නේ මෙය යුක්රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.ඉදිරි දින කිහිපය තීරණාත්මක බව යුධ විශේෂඥයන් ප්‍රකාශ කරනවා.

මේ අතර රුසියාව විසින් චීනය සමඟ තම මිත්‍රත්වය දැඩි කරමින් පවතිනවා.පසුගියදා චීන ජනාධිපති මොස්කව්හි සංචාරයක නිරත විය.ඒ අතර රුසියානු අගමැති බීජිංහි ව්‍යාපාරික හමුවක් සංවිධානය කරනු ලැබුවා.රුසියාව වෙනුවෙන් තම රට ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව චීන ජනපති විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසන ලදි.

රුසියාව හා චීනය පිළිබඳව බටහිර රටවල් දැඩි අවධානයෙන් පසුවන අතර ඇමරිකාව මේ වනවිට නිර්පාක්ෂික වීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යනවා.ඉදිරියේදී මෙම බල අරගලයේ ප්‍රතිවිපාක බොහෝ රටවල් කෙරෙහි බලපාන ආකාරය අපට දැක ගත හැකි වනු ඇත.

Loading

RSS