රුසියානුවන්ට තවත් ජයග්‍රහණයක්.වැග්නර් කුලී හේවායන්ගෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාර.!

දින 400 ක් ඉක්මවා ඇති රුසියන් යුක්රේන යුද්දයේ නවතම ජයග්‍රහණයක් රුසියාව අද වාර්තා කළා.70000 ක් ජනතාව ජීවත් වූ යුක්රේනයේ බක්මූට් නගරය සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට රුසියන් හමුදාවට අද හැකිවිය.මේ අතර රුසියාවේ ජනාධිපති පුටින් තම හමුදාවට සුබ පතා විශේෂ පණිවිඩයක් නිකුත් කර ඇත.

බක්මුට් හි පැවති සටන් වලින් දෙපාර්ශවයේම හමුදාවන්ට හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.වැග්නර් කුලී හේවායන් මෙම සටනේදී විශාල සේවාවක් ඉටු කළ බවට දැනගන්නට ලැබේ.වැග්නර් යනු රුසියාව සතු පෞද්ගලික බුද්ධි බලකායක් වන අතර මේ වන විට යුක්රේනයට ඔවුන්ගෙන් 50000 පමණ පිටත් කොට ඇත.

Loading

RSS