එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ සමගි ජන බලවේගය ඉතා ඉක්මනින් එකතු වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කැඩී නව සමගි ජන බලවේග පක්ෂය හදාගෙන ගියත් තවමත් පක්ෂ දෙකේ පිරිසගේම ප්‍රතිපත්ති එකම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සදහන් කරයි.
රුවන් විජේවර්ධන තවදුරටත් සදහන් කළේ,
“එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් තමයි අපේ පක්ෂය අත්හැරලා ගිහිල්ලා වෙනත් පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් හැටියට ඉඳගෙන ඉන්නෙ.
නමුත් අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බැලුවොත් සමගි ජන බලවේගයේ ඉන්න කට්ටියගෙත් ප්‍රතිපත්ති එකයි. ඉතින් ළඟ කාලෙකදී මේ පක්ෂ දෙක එකතු වෙයි කියලා මම හිතනවා”