නීති විරෝධී ආකාරයට ගුවන්තොටුපල හරහා මෙරටට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා නෙරපා හැරීම සම්බන්ධයෙන් පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වී ඇති බවත් මෙම මන්ත්‍රීවරයා නිසා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අපකීර්තියට පත්ව ඇති බවද එහිදී මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.
එනිසා මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් එයට කැමැත්තක් දක්වන බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.