පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා, තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ ඇති ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ පිරිසක් පැහැරගෙන ගොස් ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.
එම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා සඳගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිට කුණ්ඩසාලේ, මහවල ප්‍රදේශයට රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවද පොලීසිය අනාවරණ කරගෙන ඇත.
රොෂාන් කඳනගේ හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී තෙල්දෙණිය අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා එළඹෙන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.