සෆාරි ජීප් ගාස්තු ඉහළට.. නව මිල ගණන් මෙන්න.!

එළඹෙන පෙබරවාරි (01) වනදා සිට යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දමන බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත සදහන් කරයි.

ඒ අනුව මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 04ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වාත් දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ඉහළ දමා ඇත.

ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 04 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වාත් දිනක සංචාරක ගාස්තුව රුපියල 28,000 සිට 30,000 දක්වා ඉහළ දමා ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close