“රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක්”

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය බවත් රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත් ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණදී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවද සාගල රත්නායක සදහන් කරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තවදුරටත් සදහන් කළේ,

“රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක්. ලිට්‍රෝ සමාගමත් එදා පාඩු ලැබූ ආයතනයක්. නමුත් අද ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. රටක් වශයෙන් අපි තව වේගයෙන් ඉදිරියට යා යුතුයි. රට කඩාවැටුණු අවස්ථාවේ ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා.

අද සියලුම සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී රටක් වශයෙන් හොඳ ආර්ථික වර්ධනයක් කරා යොමුව තිබෙනවා. ආර්ථික අර්බුදයකට ලක්ව, අවුරුදු දෙකකට පසු ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස පරිවර්තනය වී තිබෙනවා. රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා.

රජයට වැඩපිළිවෙළක් තිබුණත් මේ සඳහා සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රට නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා අපි දැඩි තීන්දු තීරණ ගත්තා. ප්‍රශ්නවලට හැමෝම මුහුණ දුන්නා.”

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement