ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් සාගල රත්නායක සම්බන්ධ බවද විවිධ පාර්ශවයන් විසින් හෙළිකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙසද එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමනි කමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.