දේශපාලන පක්ෂ රටට සහය දෙනවාද නැද්ද තීරණය කිරීමට අවස්ථාක්.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සදහන් කරයි.

එය එළඹෙන අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සදහන් කරයි.

ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මෙහිදී අවධානය යොමු කර මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා තීරණාත්මක වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ඊට ඇතුළත් බවද සාගල රත්නායක සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති හමුව අමතමින් සාගල රත්නායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close