ආණ්ඩුවේ නිරුවත පැහැදිලියි.. සජිත් අලුත් වැඩක් අරඹයි.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ, රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බවයි.

රට බංකොලොත් භාවයට පත්කිරීම ගැන සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවද විපක්ෂ නායකවරයා සදහන් කරයි.

රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි පොදුජන පෙරමුණේ මහලේකම්වරයා කම්ටුවේ සභාපති ලෙස පත්කිරීම පිළිබඳව විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවද විපක්ෂ නායකවරයා සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close