ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) ආයතනය යටතේ පවතින කටුනායන ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් මීට පෙර කිසිදු අය කිරීමකින් තොරව දෙවන පෙළේ ඉංජිනේරුවන් බිහි කරන ආයතනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එහෙත් එය මේ වන විට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට නියමිත බවත් මෙය රටේ නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පහරක් බැවින් මෙය නතර කරන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
1985 සිට වසර 35ක් පුරා ඉංජිනේරුවන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් දැයට දායාද කළ මේ ආයතනය කිසිදු අවස්ථාවක පාඩු ලබන ආයතනයක් නොවන බැවින් මෙවැනි මුදල් අය කිරීම් සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.