By unusuma.lk on
(LK time)දේශපාලන ආරංචි මාර්ග අනුව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇතැයි සඳහන්.
පවතින ශක්තිමත් රජයට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත.
එම ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ විපක්ෂ ප්‍රධාන තනතුරුවල වෙනස්කම්ද යෝජනා වී ඇති අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද යෝජනා වී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසූවේ පක්ෂයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බවයි.
සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම ප්රතිසංවිධාන කටයුතු ඉතා කඩිනමින් අරඹන බවත් ඉදිරි මැතිවරණ වලදී ශක්තිමත්ව මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මේ වනවිට පක්ෂයේ තුල සාකච්ඡා වී ඇති බවත් ය.
එහිදී තරුණයින්ට වැඩි අවස්ථාව ලබාදීමටද පක්ෂය තුල වැඩි වශයෙන් යෝජනා වී ඇති බවද සඳහන්.