සජිත් රටට සත්‍ය හෙළිකරන කමිටුවේ වැඩ අරඹයි.!

අද (13) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් ස්ථාපිත කර ඇත.

මෙම නව කමිටුව විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත් දූෂණ වංචාවලට වැට බැදීම, සුසමාදර්ශී පාලනයක් උදෙසා විධිවිධාන සැකසීම හා ක්ශේත්‍ර ගතයුතු ක්‍රියාත්මක ගැනද අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම නව කමිටුවේ අරමුණ රටේ හුදු දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම නොවන බවත් සත්‍ය රටට හෙලිදරව් කිරීම ඒකායන අරමුණ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයින්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Loading

RSS