රටේ ආණ්ඩුවක් කඩිනමින් ගෙන ආ යුත්තේ ත්‍රස්ත පනත නොව දූෂණ විරෝධී පනතක් බව විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එම පනත ගේන්න පෙර බදු වංචාව, පොහොර වංචාව, සීනි වංචාව, පොල්තෙල් වංචාව, සුදුළූණු වංචාව, ගෑස් වංචාව හොයන්න දූෂණ විරෝධී පනත ගේන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිව ඇති දූෂිතයින් සහ පසුගිය වකවානුවේ දූෂණ වංචා වලට සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය හැකි බවද සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එම සියලුම දූෂිතයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉන් අනතුරුව එම පුද්ගලයින්ට නිසි දඬුවම් පැමිණවිය හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එහෙත් ආණ්ඩුව විසින් මේ වෙනකොට සිදු කරමින් ඇත්තේ එම සියලුම දූෂිතයින් ආරක්ෂා කරන පනතක් ගෙන ඒමට කටයුතු කිරීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
එම පනත හරහා ආණ්ඩුවේ ගජමිතුරු දූෂිතයින් ආරක්ෂා කිරීමට හැකි බවත් එයට කටයුතු කිරීමට ඔවුන් සැරසෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.