සජිත්ට මරණ තර්ජන.? පොලීසියෙන් ප්‍රකාශයක්.!

සමගි ජන බලවේග නායක, හිටපු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ඝාතන තර්ජන තහවුරු වී නැති බවත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ පණිවිඩ හුවමාරුවක් පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කරයි.

ඝාතන තර්ජන සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළ බවත් එවැනි ඝාතන සැලසුමක් තිබෙන බවට විමර්ශනයෙන් කරුණු අනාවරණය වුණේ නැති බවද මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කරයි.

මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව තවදුරටත් සදහන් කළේ,

“හිටපු විපක්ෂ නායකවරයා ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට මැතිවරණ කාලසීමාවේදී යම් ප්‍රචාරයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් ලැබී තිබුණා.

එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා. එවැනි ඝාතන සැලසුමක් තියෙනවා කියලා විමර්ශනයෙන් කරුණු අනාවරණය වුණේ නැහැ. මැතිවරණ කාලසීමාවේදී ඔහු වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව දුන්නා.

දැන් එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔහුට තිබුණා කිව්ව මරණ තර්ජනය තහවුරු වෙලා නැහැ. පණිවුඩ හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නෙ. කිසිම සංවිධානාත්මක සැලසුමක් කියලා තොරතුරු නැහැ.”

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.